top of page

Misinformation Red Flags

කොවිඩ්-19 ඇත්දැයි පරීක්‍ෂා කිරීම, එය වැළැක්වීමට භාවිතා කළ හැකි හොඳ ක්‍රමයකි. නමුත්

පරීක්‍ෂා කිරීමට හොඳම කාලය කවදාද යන්න සැමවිටම පැහැදිලි නැත.


ඔබ කොවිඩ්-19 හා සම්බන්ධ රෝග ලක්ෂණ වලින් එකකින් හෝ පෙළෙන්නේ නම් වහාම

පරීක්ෂාව කරන්න. ඔබේ ප්‍රතිඵල ඉක්මනින් ලබා ගැනීමෙන් ඔබට ඉක්මනින් පැක්ස්ලොවිඩ්

(Paxlovid) බෙහෙත ලබාගත හැක (5). පැක්ස්ලොවිඩ් භාවිතයෙන්, කොවිඩ්-19 වැළදීමෙන් රෝග

ලක්ෂණ උත්සන්න විය හැකි, අවදානම් කණ්ඩායමට අයත් පුද්ගලයින්ගේ රෝග ලක්ෂණ අවම

කිරීම අපේක්ෂා කරනු ලැබේ (6). ඔබට කොවිඩ් වැලදී ඇති බව පරීක්ෂණයකින් පසු තහවුරු වී

ඇත්නම්, පැක්ස්ලොවිඩ් බෙහෙත ලබාගැනීමට ඔබ සුදුසුකම් ලබන්නේ දැයි දැන ගැනීමට, හැකි

ඉක්මනින් ඔබේ ඖෂධවේදියා/බෙහෙත් ශාලාව අමතන්න.


තහවුරු වූ රෝගියෙකු සමඟ ඔබ සමීපව ඇසුරු කළ ඇත්නම්, වහාම පරීක්ෂාව කිරීමෙන් නිවැරදි

ප්‍රතිඵලයක් ලබාගැනීමට අපහසු විය හැක. විශේෂයෙන්ම ඔබට රෝග ලක්ෂණ නොමැති

අවස්ථාවකදී, කාල පරාසය ඉතාමත් වැදගත් වේ (4).


ගමන් බිමන් යනවාද? වැඩි අවදානමක් ඇති අය බැලීමට යාමට පෙර, පූර්වාරක්ෂක පියවරක් ලෙස ද

පරීක්ෂණය භාවිතා කළ හැකිය (4).


ඔබට පරීක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්න තිබේද? අපට කොමෙන්තුවක් හෝ ඍජු පණිවිඩයක් (DM එකක්)

එවන්න.


මූලාශ්‍ර: tinyurl.com/SUFWhenToTest

#ScienceUpFirst #LaSciencedAbord

Umanga Settinayake

©2024 by Lotus STEMM

bottom of page