top of page

The Pills





මුඛ ප්‍රතිසංධිවිරෝදකයක් / පවුල් සැලසුම් ක්‍රමයක් වන පෙති, ඩිම්බ මේරීම සහ පිටවීම වළක්වන හෝර්මෝන එකක
හෝ දෙකක සංයෝගයක් වේ. එමගින් අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගත හැක (1,23).2015 වසරේදී, කැනඩාවේ ජීවත් වන පිළිසිඳ ගැනීමේ හැකියාව ඇති පුද්ගලයින්ගෙන් 75% ක්, තම ජීවිතයේ එක්
වරක්වත් මෙම පවුල් සැලසුම් ක්‍රමය භාවිතා කර ඇති බවට ඇස්තමේන්තු කර ඇත (24). එහි භාවිතය බහුල වුවත්, ඒ
පිළිබඳ ඇති මිථ්‍යාවන් සහ වැරදි මත රාශියක් වේ. අපි එවැනි වැරදි මත පහක් තුරන් කරමු :
- පෙති භාවිතයෙන් බර වැඩිවීමක් සිදු නොවේ.
- පෙති භාවිතයෙන් සමහර පිළිකා වැළැක්වීමට හැකි අතර වෙනත් පිළිකා ඇතිවීමේ අවස්ථාව වැඩි කල හැක.
- ගැබ්ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (ලිංගාශ්‍රිත බෝවන රෝග) යන දෙකම වැලැක්වීමට උපකාරී
වන්නේ කොන්ඩම් පමණි.- පෙති භාවිතයෙන් සරුබාවයට ස්ථිර බලපෑමක් ඇති නොකරන නමුත් ගැබ් ගැනීමට උත්සාහ කිරීමේදී ප්‍රමාදයක් ඇති
කළ හැකිය.
- ප්‍රතිසංධිවිරෝදක/ පවුල් සැලසුම් ක්‍රම සෑම වයස් කාණ්ඩයකටම වැදගත් වේ.පෙත්ත පිලිබඳ වෙනත් දෙයක් ගැන අපෙන් දැන ගැනීමට ඔබට ඇත්ද? කොමෙන්තුවක් හෝ ඍජු පණිවිඩයක් තුලින් අපට
එය එවන්න!

මුලාශ්‍රය : tinyurl.com/SUFPillsMyths

Umanga Settinayake

©2024 by Lotus STEMM

bottom of page